fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව විශාලතම මගී ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 10:30

ලොව විශාලතම මගී ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට

ලොව විශාලතම මගී ගුවන් යානයක් අද (22) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවුණා. A -380 එයාර් බස් වර්ගයේ ගුවන් යානය ඩුබායි සිට ඔස්ටේ‍්‍රලියාවේ සිඩ්නි දක්වා පියසර කරමින් තිබියදී කටුනායක ගුවන් තොටුපලට හදිසියේම ගොඩබැස්වූ බවයි ගුවන් තොටුපල බලධාරින් සදහන් කළේ.

ඒ මගියෙකු හදිසි අසනීපයකට ලක්වීම හේතුවෙන්. යානයෙහි මගීන් 490 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු සිටි බවත් ගුවන් තොටුපල බලධාරින් ප‍්‍රකාශ කළා. කටුනායක ගුවන් තොටුපලේ දි මෙම යානයට රුපියල් ලක්ෂ අසුවක ගුවන් යානා ඉන්ධන ලබාගෙන තිබෙනවා. ඉන්පසුව යළි සිඩ්නි බලා යානය ගුවන් ගතවූ බවයි බලධාරින් පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්