දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු පහකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. ගල්ගමුව , කඩුගන්නාව, ඇහැලියගොඩ , කල්මුණේ සහ ගොඩකවෙල ප්රදේශවල අනතුරු සිදුව ඇති බවයි පොලිසිය පවසන්නෙ. ගල්ගමුව – ඉහල නාන්නේරිය ප්රදේශයේ දි යතුරුපැදියක් පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවුණා. ඉන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබෙනවා. පහල කඩුගන්නාවප්රදේශයේ දී ලොරි රථයක පදිකයෙකු ගැටීමෙන් ඔහු මියගිය බවයි පොලිසිය සදහන් කළේ. ඇහැලියගොඩ – පනාවල දීයතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කල්මුණේ සායින්දමුරුදු ප්රදේශයේදි යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් පසු එය තවත් වෑන් රථයක ගැටී යතුරුපැදිකරු මියගිය බවයි පොලිසිය ප්රකාශ කළේ.

ප්රදේශ පහක රිය අනතුරු වලින් පස් දෙනෙක් ජීවිතක්ෂයට
කියවීමට මිනිත්තු 1