යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් මෙහෙයුම් කාරක සභාවට ඉදිරිපත් කරන බව මහජන අදහස් ලබා ගැනිමේ කමිටුවේ සභාපති අධි නීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කළා.
මෙහෙයුම් කාරක සභාවේ අනුමැතියෙන් පසුව ව්‍යවස්ථාදායක සභාවට එය ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙනවා.
එහිදි සාකච්ඡා කළ යුතු කරුණු රැසක් පවතින බවයි ලාල් විජේනායක මහතා පෙන්වා දුන්නේ.
ඡන්ද ක්‍රමය , විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු කරුණු ඊට ඇතුලත් බවත් ඔහු සදහන් කළා.