fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙල් මිල අඩු කිරීම කි‍්‍රයාත්මකයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 09:43

තෙල් මිල අඩු කිරීම කි‍්‍රයාත්මකයි

අඩුකළ ඉන්ධන මිල අද සිට කි‍්‍රයාත්මක බව රජය ප‍්‍රකාශ කළා. ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 135 සිට 125 දක්වා අඩුකර තිබෙනවා.

ඔක්ටේන් 95 ද අඩු වන්නේ රුපියල් 10 කින්. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුවුණා.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 131 සිට 121 දක්වා අඩුකර තිබෙනවා. රජයේ තීරණයත් සමඟ අයිඕසී සමාගම ද මිල ගණන් අඩු කළා.

ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කළ බවයි සමාගම පවසන්නේ.

සුපර් ඩීසල් ලීටරයක් ද රුපියල් 10 කින් අඩුකර තිබෙනවා.

ඔටෝඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් අඩුකළ බවයි සමාගම ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්