සියලු පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැවැත්වීමට යෝජනාවක් ගෙන එන බව ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. ඉන් එක් එක් පළාත් සභාවේ ඡන්දය වරින්වර පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ද එකම දිනයක පැවැත්වීම කෙරෙහි නව රජයේ අවධානය යොමුව ඇති බවයි වජිර අබේවර්ධන මහතා සදහන් කළේ.