ගම්පහ, මොරුපොල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තහනම් පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය සමත් වුණා. පොලිතින් නිෂ්පාදන ටොන් දෙකකට අධික ප්‍රමාණයක් එහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.
මධ්‍යම පරිසර අධිකාරියේ, පාරිභෝගික සේවා අධිකාරියේ හා පරිසර පොලිස් ඒකකයේ නිලධාරීන් ඒකාබද්ධවයි වැටලීම සිදුකළේ. තහනම් ආහාර දවටන නිෂ්පාදනයට යොදා ගන්නා වැඩි ඝනත්වයකින් යුත් පොලි එතිලීන් සහ කැල්සියම් තොගයක් සමග උපකරණ ද සොයා ගැණුනා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වනවා. පරිසර ආරක්ෂණ බලපත්‍රය, වෙළෙඳ ලියාපදිංචිය ඇතුළු කිසිදු බලපත්‍රයක් නොමැතිවයි කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගොස් තිබෙන්නේ. කර්මාන්ත ශාලාවේ හිමිකරු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.