fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක ද සිල්වාට දින දෙකකට වරක් රෝහලට යෑමට අවසර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 14:39

නාලක ද සිල්වාට දින දෙකකට වරක් රෝහලට යෑමට අවසර

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට සිය රෝගී දරුවා බැලීමට දින දෙකකට වරක් රෝහලට යෑමට අධිකරණය අද(21) අවසර ලබාදුන්නා.

ඩෙංගු රෝගය වැළදීමෙන් දරුවා රෝහල් ගතව සිටින බවයි ප්‍රකාශ වුණේ. දරුවාගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ලවී ඇති බැවින් නඩුව අවසන් වන තුරු ඇප ලබාදිය නොහැකි බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 14:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්