චෙක් රාජ්‍යයයේ ගල් අගුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පතල්කම්කරුවන් පස්දෙනෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. එම අනතුරින් තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගල් අගුරු පතලේ සිදුවූ පිපිරීමෙන් එහි සේවයේ නියුතු කම්කරුවන් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීතේන් වායුව කාන්දු විම හේතුවෙන් අදාළ පිපිරීම සිදුව තිබෙනවා. අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.