Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ නත්තල් උළෙලක් ජනපති මැදුරේ දී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 13:21

විශේෂ නත්තල් උළෙලක් ජනපති මැදුරේ දී

නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ උළෙලක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

නත්තල් කැරොල් ගීත ඇතුළු විචිත්‍රාංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් පෙන්වා දුන්නේ, සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව දිළිඳු ජනයාගේ වේදනාව හඳුනාගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකරාශී වීම බවයි.

රටේ ජනතාව දිළිඳුකමින් මුදවාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට සියලු පාලකයින් කැපවීමෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද මෙහිදී උන්වහන්සේ අවධාරණය කළේය.

මෙම නත්තල් උළෙල ට අපොස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් ටොට් රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුළු රදගුරු හිමිපාණන් වහන්සේලා, පූජක පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය ජෝන් අමරතුංග, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, කලාකරුවන් ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 13:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්