මත් ටොෆි සහ චොකලට් තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ඕමන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කුඩා ලොරි රථයකින් ඒවා ප්රවාහනය කරමින් සිටි බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ. සැකකරු වරකාපොළ ප්රදේශයේ පදිංචිකරුවෙක්. පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් ඔහු මෙම ජාවාරම සිදුකර තිබෙනවා. සැකකරු වව්නියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.