fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාණි,නව නිර්මාණයට සූදානමින්…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 17:19

රාණි,නව නිර්මාණයට සූදානමින්…

රාණි මුඛර්ජි රංගනයෙන් දායක වූ ප්‍රදීප් සර්කාර් අධ්‍යක්ෂණය කළ Mardaani චිත්‍රපටය වාර්තාගත ආදායම් බිඳහෙළමින් තිරගත වුණා.   Mardaani චිත්‍රපටය ගෙන ආ යෂ්රාජ් චිත්‍රපට ආයතනය දැන් එහි දෙවැන්නක් නිර්මාණය කිරීමටයි සූදානම් වෙන්නේ. එහි අධ්‍යක්ෂණය පළමු චිත්‍රපටයේ තිර රචනය කළ ගෝපි පුතරන් වෙතම භාරදී තිබෙනවා.

Mardaani 2 නිෂ්පාදනය කරන්නේ පළමුවැන්න නිෂ්පාදනය කළ රාණිගේ සැමියා ආදිත්‍ය චොප්රා විසිනුයි. Mardaani චිත්‍රපටයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ශිවානි ශිවාජි රෝයි ලෙසින් කළ චරිතය තම හදවතට ඉතාම සමීප බවයි රාණි මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටින්නේ.. ඒ නිසා මෙම අවස්ථාව උදාවන තුරු නොඉවසිල්ලෙන් පසුවන බවත් ඇය පවසනවා.

ලබන වසරේ මැද භාගය පමණ විට තිරගත වීමට සූදානම් කර තිබෙන මෙම සිනමාපටය හින්දි සිනමා ලෝලීන්ට අපූරු අත්දැකීමක් වනු ඇත..

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 17:19

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්