fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මී උණ පැතිර යාමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 12:09

මී උණ පැතිර යාමේ අවදානමක්

උතුරු මැද පළාත තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ දී මී උණ පැතිර යාමේ අවධානමක් ඇති වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

පැවති කාලගුණික තත්ත්වය අවසන් වීමත් සමග උතුරු මැද පළාතේ කුඹුරු යළි අස්වැද්දීමේ කටයුතු මේ දිනවල සිදුවනවා. එහෙයින් මී උණ පිළිබද දැඩි අවධානයක් යොමු කරන ලෙසයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මකයි. මී උණ හේතුවෙන් උතුරුමැද පළාතෙන් ජීවිත හානි දෙකක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් නිසි පරිදී පිළිපදිමින් කටයුතු කිරීම තුළින් මී උණ අවධානම අවම කර ගත  හැකි බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්