fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන්ට නිවාස 118ක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 11:01

ආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන්ට  නිවාස 118ක්

ක්‍රියාන්විතයේ දී දිවිපිදූ රණවිරුවන්ගේ ළගම ඥාතීන්ට හා ආබාධිත රණවිරුවන්ට තවත් නිවාස 118ක් ප්‍රදානය කිරීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.

ක්‍රියාන්විතයේ දී මියගිය රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ළගම ඥාතීන්ට හා සේවයේ නියුතු රණවිරුවන්ට නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවුනේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සංකල්පයකට අනුවයි. එහි තවත් අදියරක් යටතේ නිවාස 118ක් ඉදි කරනු ලැබුවා. එම නිවාසවල  යතුරු  අදාළ ප්‍රතිලාභීන්ට ප්‍රදානය කිරීම හා වෘත්තීය සහතිකපත් ප්‍රදානය ආරක්ෂක සේවා විද්‍යාලයේ දී සිදු කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්