මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ හලාවත ව්‍යාපාර ස්ථාන 13 ක හිමිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
හලාවත නගරයේ වෙළෙද සැල් 50 කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. ව්‍යාපාරික ස්ථාන 15 ක හිමිකරුවන්ට අවවාද කර තිබෙනවා.
තවත් වෙළෙද සැල් 10 ක තිබූ පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ විනාශ කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ.
උත්සව සමයේ පාරිභෝගිකයින් ආහාර මිලදී ගැනීමේදී වඩා සැළකිලිමත් වියයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම්දෙනවා.