fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ප්‍රබලතාවයන්ට ජගත් මහලේකම් ප්‍රශංසා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 10:10

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ප්‍රබලතාවයන්ට ජගත් මහලේකම් ප්‍රශංසා

ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදය සාමකාමීව හා ව්‍යවස්ථාමය මාර්ග වලින් විසඳාගැනීම තමන් පිළිගන්නා බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමෙන් ශ්‍රි ලංකාව තුළ පැවති දේශපාලන අර්බුදය අවසන් වූ බව  ද ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ප්‍රබලතාව ගැන ඔහු ප්‍රශංසා කරන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆේන් ඩුජාරික් සදහන් කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම හා ජනතාවගේ යහපත උදෙසා එම ගෞරවය තුළ කැපී පෙනෙන දේශපාලන මතභේද විසදීමට නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අවස්ථාවක් ලබා දීම සදහා ගුටරේස් මහතා සියලු දේශපාලන ක්‍රියාකාරින්ගෙන් මීට පෙර ඉල්ලා සිටියා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්