ගංජා කිලෝග්රෑම් 8 ක් සමඟ පුද්ගලයෙක් අනුරාධපුර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 24 ක්.
සැකකරු යුද හමුදා සේවයෙන් ඉවත් කළ පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.
ඔහු යාපනයේ සිට මෝටර් රථයකින් එම ගංජා තොගය රැගෙනවිත් තිබෙනවා.
අනුරාධපුරයේ ප්රදේශ ගණනාවකට සැකකරු ගංජා බෙදාහැර ඇති බවයි පොලීසිය පවසන්නේ.