සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන 20 යි 20 තරඟය ලකුණු 36 කින් ජයගැනීමට බංගලිදේශ කණ්ඩායම සමත්වුණා. කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලිදේශ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 211 ක් ලබාගත්තා.
ලින්ටන් දාස් ලකුණු 60 යි. සකීබ් අල් හසන් නොදැවී ලකුණු 42 ක් වාර්තා කිරීමට සමත්වුණා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 175 ක්. රොමැන් පවෙල් අර්ධ ශතකයක් රැස්කළා.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ සකීබ් අල් හසන් කඩුලු පහක් දවා ගැනීමට සමත්වුණා.