පුත්තලම් කලපුවේ මෝදා මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෝදා මත්ස්‍ය වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමෙන් ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ධීවර අමාත්‍යාංශයේ අරමුණයි.
ඒ යටතේ ධීවරයින් සිය දෙනෙකුට රුපියල් ලක්ෂ 160ක් වටිනා ධීවර ආම්පන්න ලබා දීම පුත්තලම සහකාර ධීවර කාර්යාලයේ දී සිදු කෙරුණා.
පළමු අදියරේ දී සේරක්කුලිය හා වන්නිමුන්දලම යන ගම්මානවල ධීවර ජනතාවට මෙම ආම්පන්න ලබා දුන් අතර ඉදිරියේ දී තවත් ගම්මාන කිහිපයක ධීවර ජනතාවට ධීවර ආම්පන්න ලබාදීමට නියමිතයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/moda-02.png”]