fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය හතර දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:22

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය හතර දෙනෙකු අත්අඩංගුවට

යටියන්තොට වැලිහෙලතැන්න ප‍්‍රදේශයේ භූගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලීසිය සමත්වුණා.

ඊට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

වෙළෙද සැලක් අසළ භූ ගතව නිෂ්පාදනාගාරය වසර 4 ක් පවත්වාගෙන ගොස් ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ.

මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ සහ ගොඩා ලීටර 500 ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo