දෙසැම්බර් 26 වෙනිදාට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් වැඩසටහන් ගණනක් කි‍්‍රයාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
2004 වසරේ සුනාමි ව්‍යවසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් මෙම සුරක්ෂිත දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ව්‍යවසන කළමනාකරණය සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ති‍්‍රක් මට්ටමින් කි‍්‍රයාත්මක කිරීම සැලසුමයි.
ජාතික උත්සවය ලබන බදාදා පෑරලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය එස් අමලනාදන් මහතා ප්‍රකාශ කළේ.