ගල්කිස්ස ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමකට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු එම ප්රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
ඊයේ අලුයම ගල්කිස්ස ප්රදේශයේ නිවසකට සැකකරු වෙඩිතබා ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ. ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
වෙඩිතැබීමට යොදාගත් රිපීටර් වර්ගයේ තුවක්කුවක් සහ ජීව උණ්ඩයක් ද පොලීසිය සොයාගත්තා.
සැකකරු ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි.