Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:16

ඇමරිකා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණවලට යහපත් ප්‍රතිචාර දක්වන නව ලේකම්වරයෙකු පත්කර ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා සතුව පවතින බව ජිම් මැටිස් යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපියේ සදහන්.

සිරියාවේ සිටින ඇමෙරිකා හමුදා සම්පූර්ණයෙන්ම ඉවත්කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට තමා දැඩි විරෝධය පළකළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

එය තම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව වූ බවද ජිම් මැටිස්ගේ ලිපියේ වැඩිදුරටත් සදහන්. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බටහිර රටවල් කිහිපයක විරෝධය ද එල්ලවී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්