Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්ද 96කින් සම්මතයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:12

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්ද 96කින් සම්මතයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා ජන්ද විමසීම මීට ටික වේලාවකට පෙර පැවැත්වුණා.

එහිදී අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්ද 102ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද  06ක් පමණයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසන අවස්ථාවේ සභා ගර්භය පැමිණ සිටියේ නැහැ.

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

ලබන වසර මුල් කාර්තුව සදහා වන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් අද සිදුවුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතුවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ඉන්ධන මිල අඩු කරන බවයි. ඒ ස්ථාවර නියෝග යටතේ විශේෂ ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින්.

අතරමඟ නතර කිරීමට සිදුවූ සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමයි සැලැස්ම. ගම්පෙරළිය වැඩසටහන ලබන සතියේ සිට කි‍්‍රයාත්මක කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 10.30 ටයි ආරම්භ වුණේ. ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. අතුරු සම්මත ගිණුමේ පළමු දෙවන සහ තුන්වන උපලේඛන ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සභාවේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීම ඉදිරිපත් කළා.

 

 

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

කැබිනට් අනුමැතිය හිමිවූ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණා.

එහිදී අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිවුණා. එය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්