ජනතාව දුගී බවින් නිදහස්කර ගැනීමේ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන වසරේ දී නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරුමැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. උත්සවය පැවැත්වුණේ අනුරාධපුරයේදීයි.
ග්‍රාමසේවා වසම් දහසක ජීවනෝපාය හා යටිතල පහසුකම් බලගැන්වීම සදහා ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ මේ වනවිට රුපියල් ලක්ෂ දසදහසක මුදලක් වැයකර තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථික පුනරුදයක් අපේක්ෂාවෙන් ග්රාමශක්ති වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් අද දිවයින පුරා ආරම්භ කෙරුණා. අඩු ආදායම් ලාභී ජනතාවට වැඩි පහසුකම් ලැබෙන ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක වනවා. ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සංවිධාන ගතවූ ග්‍රාමසේවා වසම් දහසකට අධික සංඛ්‍යාවක් මේ වනවිටත් ක්‍රියාත්මකයි. ලබන වසර වනවිට මෙය ග්රාමශක්ති සමිති හා සමාගම් හාරදහසක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
උතුරුමැද පළාතේ ග්රාමශක්ති ජනතා සමාගම් සහ පෞද්ගලික සමාගම් අතර අවබෝධතා ගිවිසුම් හතරකට අත්සන් තැබීම ද මෙහිදී සිදුකෙරුණා. ඒ ග්රාමශක්ති ජනතා සමාගම් සිදුකරන නිෂ්පාදන මිලදී ගැනීමට අදාලවයි. ග්රාමශක්ති ජනතා සමිති සඳහා තවත් ප්‍රතිපාදන ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන අනුරාධපුර පලුගස්වැව ආසිරිගම ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට ද ජනාධිපතිතුමා එක්වුණා. අඩු ආදායම් ලාභීන් ජීවත්වන මෙම ගම්මානයේ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය ජනාධිපතිතුමා විමසා බැලුවා. අනතුරුව ආසිරිගම ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ග්රාමශක්ති නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාව සමග හමුවකට ද ජනාධිපතිතුමා එක්වුණා. එහිදී ඉදිරිපත් වූ ජනතා ගැටලුවලට විසදුම් ලබාදෙමින් අවශ්‍ය සංවර්ධන කාර්යයන් සිදුකිරීමට රුපියල් ලක්ෂ 250 ක මුදලක් ලබන සතිය වනවිට ලබාදීමට ක්‍රියාකරන බවද ජනාධිපතිතුමා පැවසුවා. ප්‍රදේශයේ පාසල් හා නිවාස ගැටලුව පිළිබදවද ජනාධිපතිතුමාගේ අවධානය යොමුවුණා. මෙම ගැටලුවලට ලබාදුන් විසදුම් ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රගතිය සොයා බැලීමට නැවත මෙම ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.