fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN නව සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 17:30

ITN නව සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කෙරේ

අයිටීඑන් මාධ්‍ය ජාලයේ නව සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත්කර සිටිනවා.

තිලකා ජයසුන්දර මහත්මිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සංවර්ධන හා සැලසුම් ලෙසයි  කටයුතු කරමින් සිටින්නේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇය මීට පෙර රාජ්‍ය ආයතන රැසක සහකාර ලේකම්,අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ ජනරාල්, අතිරේක ලේකම් යන ධුරයන් හි කටයුතු කර තිබෙනවා. වනිතා කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ජයසුන්දර මහත්මිය දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් දිනාගත්, අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්.

ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්‍ෂ ධුරයේ කටයුතු කරමින් එම ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකිරීමට ඇයට හැකිවුණා. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙහි ද ආසියානු ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස ද ඇය කටයුතු කර තිබෙනවා. ජපානයේ ටෝකියෝ නුවර ආසියානු ඵලදායිතා සංවිධානයේ වසර 56 ක ඉතිහාසයේ ප්‍රථම වරට ජපන් ජාතිකයෙකු නොවන පළමු අධ්‍යක්‍ෂවරිය වන්නේ ද තිලකා ජයසුන්දර මහත්මියයි. ජයසුන්දර මහත්මිය වරලත් ගණකාධිකාරිනියක ද වනවා. මීට පෙර ද ඇය අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනිය ලෙස කටයුතු කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්