මංගල යුවළට පමණක් නෙවෙයි මුලු රටටම, මුළු ලොවටම මතක සටහනක් වන විවාහ මංගල්‍යක් පසුගියදා ඉන්දියාවේ දී පැවැත්වුණා.
මේ මිල අධික සුවිසල් විවාහ මංගල්ලය “ඉෂා අම්බානි”ගේ ය. ඇය ඉන්දියාවේ සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්.
යේල් හා ස්ටැන්ෆෝඩ් සරසවි දෙකෙන් උපාධි ලබා ඇති විසි හත් හැවිරිදි ඉෂා, විවාහ වෙන්නේ ඇගේ ළමා වියේ මිතුරා වූ තිස් තුන් හැවිරිදි ආනන්ද් පිරාමාල් සමගිනු යි. ඉෂා මෙන්ම ආනන්ද් ද ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරික පවුල් දෙකක දරුවන් වෙයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/isha_ambani_wedding_pic.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/image.jpg”]
ඉෂා අම්බානිගේ පියා මුකේෂ් අම්බානි ඉන්දියාවේ ධනවත්ම මිනිසා පමණක් නොව මේ මිහිමත සිටින ධනවත්ම මිනිසුන් කිහිප දෙනා අතුරෙන් එක් අයෙකි. මින් පෙර ඔහුගේ ධනවත්කම ගැන කියන විට මුලින්ම කියවුණේ මුම්බායි හි ඔහු වෙසෙන නිවස ගැන යි. තට්ටු විසි හතකින්ද, හෙලිකොප්ටර් අංගන තුනකින් ද සමන්විත මේ නිවස ලෝකයේ මිල අධිකම පෞද්ගලික නිවාසය වෙයි. එය දෙවැනි වන්නේ බකිංහැම් මාලිගාවට පමණකි. අත්ලාන්තික් සාගරයේ ඇති කල්පිත දිවයිනක් වන “ඇන්ටිලියා” නමින් නම් කොට ඇති මේ සුවිසල් මන්දිරය මේ වසරේ දෙසැම්බර් 12 දින සිට ලෝකයේ දස දෙසින් ආ සුවිශේෂී පුද්ගලයින්ගෙන් පිරී ගියා. ඒ ඉෂා අම්බානිගේ විවාහ මංගල උත්සවයට සහභාගි වීම සඳහා යි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/1-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/ambani-main.jpg”]
මේ විවාහය ආරම්භයේ පටන්ම මිනිසුන්ගේ කතා බහට ලක් වුණා. මුලින්ම මේ පිළිබද කතා බහට ලක් වෙන්නේ විවාහයට ආරාධනා කරන ආරාධනා පත්‍රය පිටවීමත් සමගිනුයි. ඒ ආරාධනා පත්‍රයට වැය කොට ඇති මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ තුනක්. ඉන්දියානු රුපියල් ලක්ෂ තුනක් බැගින් වූ මෙම ආරාධනා පත්‍ර දහස් ගණනක් ඊෂාගේ විවාහය වෙනුවෙන් යැවුණු අතර දින කිහිපයක් යනතුරු ලොව පුරා මාධ්‍යජාලාවලට මේ ආරාධනා පත්‍රය හොද මාතෘකාවක් වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/akash-ambani-marriage-invitation-card.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/Isha-ambanis-wedding-card-video-of-complete-lavish-package.jpg”]
විචිත්‍රවත්ව සංවිධානය කරන්නට වූ මෙම ඉන්දියානු විවාහ මංගල්ලය උත්සව,චාරිත්‍ර කීපයකින් සමන්විත වුණා. ඉෂා අම්බානිගේ විවාහයේ පූර්ව විවාහ චාරිත්‍ර ඇරඹෙන්නේ දෙසැම්බර් මස 07 වැනි දින සිටයි. ඒ ජායිපූර් නගරයේ දී යි. මේ චාරිත්‍ර උත්සවවලට පැමිණෙන අමුත්තන් වෙනුවෙන් අම්බානි පවුලේ අය සහ පිරාමාල් පවුලේ අය විසින් ජායිපූර් නගරයේ සියලුම තරු පහේ හෝටල් එකක් නෑර වෙන් කොට ගෙන තිබුණා.
විදේශයන්හි සිට මේ විවාහයට සහභාගි වෙන්නට එන අමුත්තන් වෙනුවෙන් අම්බානි පවුල විසින් කුලියට ගත් ගුවන් යානා සංඛ්‍යාව පමණක් 100ක් බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ. එමෙන්ම විවාහ දින කිහිපය තුළ අමුත්තන්ගේ පරිහරණය වෙනුවෙන් අවුඩි, ජගුවාර්, මර්සිඩීස්, බී එම් ඩබ්ලිව් වැනි අතිසුඛෝපභෝගී මෝටර් රථ 1000ක් වෙන් කර තිබුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/nbuo_IT_1544609739911.jpeg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/WhatsApp_Image_2018-12-12_at_10_1544635292__rend_4_3.jpeg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/WhatsApp_Image_2018-12-12_at_21.34.05.jpeg”]
ඉෂාගේ විවාහ උත්සවයේ සියලුම උත්සව සදහා ඉන්දියාවේ සුපිරිම නළු නිළියන්ට මෙන්ම ලොව පුරා ජනප්‍රියම සුපිරිම සිනමා හා සංගීත තරු ආරාධනා ලැබුවා. එපමණක් නොව රටවල් කිහිපයකම ප්‍රබල දේශපාලඥයන් සහ ක්‍රීඩා තරු ද මේ විවාහ උත්සවයට සහභාගි වූ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද ඒ අතර සිටියා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/hillary-clinton-ambani-wedding.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/762786-nita-mukesh-ambani-hilary-clinton.jpg”]
ඉෂාගේ පූර්ව විවාහ චාරිත්‍ර උත්සව සදහා ගී ගයන්නට ගෙන්වාගෙන තිබුණේ ද ලෝ ප්‍රකට ගායක ගායිකාවන් ය. ප්‍රකට ඇමරිකානු ගායිකා “බියොන්සේ” ඉෂාගේ විවාහ මංගල්ලය සරසන්නට ගී ගයන්නට ගෙන්වාගෙන තිබිණ අයගෙන් කෙනෙකි. ලෝකයේ මිල අධිකම ගායිකාවක් වන බියොන්සේ මේ විවාහ මංගල්ලයේදී ගී ගයන්නට ඇමරිකානු ඩොලර් මිලියන තුනක් අය කර ඇති බව කියැවෙයි. මංගල උත්සවය සරසන්නට ගෙන්වාගෙන සිටියේ ඇය පමණක් නොවේ. ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මාන් ඛාන්, කත්රිනා කායිෆ්, දීපිකා පදුකෝන්, රන්වීර් සිංග් වැනි සුපිරි බොලිවුඩ් නළු නිළියන්ද ඉෂාගේ විවාහය සැරසූ තරුයි. තම දියණියගේ විවාහය අලංකාර කරන්නට මේ තාරකාවලට මුකේෂ් අම්බානි වියදම් කළ නිශ්චිත මුදල කොතෙක්දැයි තවමත් කවුරුවත් දන්නේ නැත.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/isha-ambani-2.jpg”]
දින පහක් තිස්සේ පූර්ව විවාහ චාරිත්‍ර උදායිපූර් නගරයේය පැවැත්වුණා. මේ වෙනුවෙන් උදායිපූර් නගරයට කෘතගුණ දක්වන්නට අම්බානි පවුලත් පිරාමාල් පවුලත් කටයුතු කර තිබුණා. උදායිපූර්වල එක් වීදියක් සාම්ප්‍රදායික ඉන්දියානු චිත්‍ර හා මැටි බදුන්වලින් සරසා දින පහක් තිස්සේම උදායිපූර් නගරයේ වැසියන් 5100ක් දෙනාට අම්බානි- පිරමාල් පවුල තුන් වේලම ආහාර ප්රදානය කළා.
පූර්ව විවාහ චාරිත්‍රවලින් පසුව පවුලේ අය සහ සියලුම අමුත්තන් මුම්බායිවල ඇන්ටිලියා නිවාසයට ගෙන යාම සදහා ගුවන් යානා සියයක් වෙන් කොට තිබුණු අතර ගුවන් ගමන්වාර විශාල ප්‍රමාණයක් තිබුණි. ප්‍රධාන විවාහ මංගල උත්සවය පැවැත්වුණේ මුකේෂ් අම්බානිගේ තට්ටු විසිහතක් උස ඇන්ටිලියා නිවාසයේ දී යි. මංගල උත්සවයෙන් පසුව නව යුවළ මුම්බායි හි පිහිටි ඔවුන්ගේ නව නිවස වෙත ගොස් ඇත. දියමන්ති තේමාවට අනුව නිමවන ලද මේ නිවසෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 64 ක්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/406719_8674835_11_updates.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/Isha-Ambani-new-home.jpg.image_.784.410.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/maxresdefault-1.jpg”]
ඉෂා අම්බානිගේ විවාහයට වැය වන මුලු මුදල ඇමරිකානු ඩොලර් මිලියන සියයක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි හත්සීයක් ඉක්මවූ බවයි විවාහ උත්සව සංවිධායකයන් කියන්නේ. ඒ අනුව මෙය ලෝකයේ වැඩිම මුදලක් වියදම් කරමින් සිදු කළ විවාහ මංගල්ලයන් අතරට එක් වී තිබෙනවා.
මේ විවාහ මංගලෝත්සවය දෙවැනි වන්නේ චාල්ස් – ඩයනා දෙපළගේ විවාහ උත්සවයට පමණයි. 1981 වසරේදී චාල්ස් කුමරුන්ගේත් ඩයනා කුමරියගේත් මංගල උත්සවයට වියදම් වුණු මුදල වර්තමාන වටිනාකම අනුව නම් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක් බවටයි වාර්තා වුණේ.
ඉන්පසුව වැඩිම මුදලක් වැයවුණු මංගල උත්සවය වූයේ ලොව අංක එකේ ධනවතෙකු වූ ලක්ෂ්මි මිත්තාල්ගේ දියණිය වැනිෂා මිත්තාල්ගේ මංගල උත්සවයයි. ඒ සදහා වියදම් වුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 66ක්. ඒ විවාහය සිදුවූයේ 2004 වසරේ දී යි.
2011 වසරේ දී සිදුකෙරුණු විලියම් කුමරුගේ හා කේටි මිඩ්ල්ටන් කුමරියගේ මංගල උත්සවයට වියදම් වුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 34 හතරක් බවට වාර්තා වුණා.
ඒ අනුව ඉෂා අම්බානිගේ විවාහ උත්සවය මේ තාක් වැඩිම මුදලක් වියදම් වුණු විවාහ උත්සව අතරින් දෙවැනි තැනට වාර්තා වී තිබෙනවා.
(තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඇසුරින්)
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/ST_20181214_XWEDDING_4482978.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/colin-b1-13.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/harbhajan-tendulkar-ambani-759.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/isha3.jpeg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/Ranveer-Deepika-Isha-Ambani-wedding-.jpg”]