නවසීලන්තය සමග පැවති පළමු ටෙස් ක්‍රිකට් තරගයේ පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට පැමිණ තිබෙනවා.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141 ක් ලබා ගත්තා. එහිදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 120 ක් රැස් කිරීමට සමත් වුණා. මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ඔවුන් දෙදෙනාට හැකිව තිබෙනවා. එහි 18 වන ස්ථානය කුසල් මෙන්ඩිස් හිමිකර ගෙන ඇති අතර ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇත්තේ 16 වන ස්ථානයයි. එහි 07 වන ස්ථානය දිමුත් කරුණාරත්න හිමිකර ගෙන ඇති අතර ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් 13 වන ස්ථානයේ රැදී සිටිනවා.