fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජැක්සන්ගේ දුවට පිස්සුද?

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 04:45

ජැක්සන්ගේ දුවට පිස්සුද?

ගීත ලෝකයේ පොප් රජු ලෙස හදුන්වන මයිකල් ජැක්සන් ගේ දියණිය වූ පැරිස් ජැක්සන්ගේ මානසික තත්ත්වය අයහපත් මට්ටමක පවතින බව හොලිවුඩ් පුරවරයේ නවතම මාධ්‍ය වාර්තා කරනවා. පැරිස්, මෑතකදී ප්‍රසිද්ධ ස්ථානවලට ගොස් හැසිරුනු ආකාරය සහ ඇය ඇදුම් පැළදුම් පැළද සිටි ආකාරය අනුව අැයගෙන් මානසික තත්ත්වය අයහපත් වුවකුගේ ස්වරුපයක් දිස් වූ බවයි එරට මධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පැරිස්ගේ මානසික මට්ටම ඉතා පහළ තත්ත්වයක පවතින බව වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ මෑතකදී ඇය එක්තරා ප්‍රසිද්ධ අවන්හලකට ගොස් එහි වහලය මත නැග එහි කෙළවරටම ගොස් සිටි ආකාරය අනුවයි. එදින ඇගේ ජීවිතය බේරාගෙන ඇත්තේ එතැනට රැස්ව සිටි සියලු දෙනාගේම උතසහයක ප්‍රතිඵලයක් ලෙසයි..

පැරිස් ජැක්සන් ශරීරය පුරා ටැටූවලින් සරසාගෙන සිටින්නියක ලෙස ප්‍රසිද්ධයි. නිරුපිකාවක් ලෙස ද නමක් දිනා සිටින ඇය  මෑත කාලයේදී  හොලිවුඩ් සිනමාවට ද සම්බන්ධ වුණා..

කෙසේ නමුත් පැරිස් ජැක්සන් දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටීම හේතුවෙන් මේ වන විට අැගේ මානසික මට්ටම පහත වැටි ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇති බවයි හොලිවුඩ් මධ්‍ය වාර්තා කරන්නේ…

 

-ශානිකා රත්නායක-

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 04:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්