fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලන්කන් සහ මිහින්ලංකා අක‍්‍රමිකතා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 14:18

ශ‍්‍රී ලන්කන් සහ මිහින්ලංකා අක‍්‍රමිකතා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් හා මිහින් ලංකා අක්‍රමිකතා ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ.

මෙම ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 වසරේ පෙබරවාරි මස පහළොස්වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගත්තා. 2006 වසරේ ජනවාරි පළමුවනදා සිට 2018 වසරේ ජනවාරි 31 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගමේ සිදු වූ අක්‍රමිකතා සොයා බලන මෙම කොමිසමේ නිල කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා.

මේ අතර එම කොමිසමේ සාමාජිකයන් ජනාධිපති කාර්යාලයේදී අද(190 පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. විමර්ශනවල තත්ත්වය පිළිබදව ජනාධිපතිතුමා එහිදී සොයා බැලුවා. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් මෙම ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 14:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්