ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනය කිරීම පිළිබද කුමන්ත්රණය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ නාමල් කුමාර ට අයත් ජංගම දුරකතන හොංකොං බලා රැගෙන ගිය නිලධාරීන් යළි දිවයිනට පැමිණියා.
එම ජංගම දුරකතනයේ මකා දමා තිබූ හඩ පට ගණනාවක් සොයාගෙන ඇති අතර එම හඩ පට ඇතුළත් කරන ලද දත්ත බහාලුව සම්බන්ධයෙන් වූ විශේෂඥවරුන්ගේ වාර්තාව කොටුව මහේස්ත්රාත් අධිකරණයට අද(19) භාර දුන් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ. අපරාධ පරීක්ෂණ නිලධාරීන් අදාළ හඩ පට හා වාර්තාවේ පිටපත් ආශ්රයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.