fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 09:13

නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ තරගයේ අවසන් දිනයට වර්ෂාවෙන් එල්ල වූ බාධාත් සමගයි.

වෙලින්ටන් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට නවසීලන්තය තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 282 ක් පමණයි. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම ලකුණු 578 ක් ලබා ගත්තා. මේ අනුව දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුන මුළු ලකුණු 13 ක් ලෙස සටහන්ව තිබියදී දැවී ගියා. අනතුරුව පිටියට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් තරගය නිමාවනතුරුම කඩුල්ලේ නොදැවී රැදී සිටියා. දින තුනක් ඔවුන් දෙදෙනා නොදැවී ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. හතරවන කඩුල්ල සදහා ඇන්ජලෝ හා කුසල් නොබිදුනු ලකුණු 274 ක සබදතාවක් ගොඩනැගුවා. එය මෙරට පිතිකරුවන් දෙදෙනෙකු කලකට පසු එම කඩුල්ල සදහා වාර්තා කළ හොදම සබදතාවයි. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 120 ක් ඉනිමට එක් කළා. මැතිව්ස් පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කර සිටියේ ශරීර යෝග්‍යතාව නොමැති බව පවසමින්. තරගයේ අවසන් දිනය ආරම්භයේ සිටම වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නිමාවන විට දෙවන ඉණිමට කඩුලු තුනක් දැවී ලකුණු 287 ක් ලබාගෙන සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 09:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්