fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙල්ජියම් අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 08:09

බෙල්ජියම් අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි

බෙල්ජියමේ අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට පිලිප් රජු වෙත භාරදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සතියේදී මරාකෙච් හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අත්සන් කරන ලද සංක්‍රමණික ගිවිසුමක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා දැඩි විවේචනයට ලක්වුණා. මේ හේතුවෙන් පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරුන් ඔහුට එරෙහිවී ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. කෙසේ වෙතත් බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිලිප් රජු තවමත් පිළිගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 08:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්