ශ්‍රී‍්‍ර ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ළහිරු කුමාරට තරඟ මුදලින් සියයට 15 ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ජාත්‍යන්තර තරඟයකදී කි‍්‍රඩක ආචාර ධර්ම කඩකිරීමයි ඔහුට එරෙහි චෝදනාව. ඒ ශ්‍රී‍්‍ර ලංකා සහ නවසීලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අතරතුරදී.
දඩ මුදලට අමතරව එක් අසාදු ලකුණක් ද ඔහුට ලබාදී ඇති බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය නිවේදනය කර තිබෙන්නේ. ඊයේ (17) තරඟයේදී ටොම් ලතම් එල්ල කළ පහරක් හතරේ සීමාව පසුකර යාමේදී ළහිරු කුමාර අසභ්‍ය වචන භාවිත කර ඇති බවට විනිසුරුවරුන් සිදුකළ චෝදනා අනුවයි දඩ මුදල නියම කළේ.