fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 15:19

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක් පීලි පැනීම හේතුවෙන්. වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතරදී එය පීලි පැනීමට ලක්වුණා. මේ හේතුවෙන් කොළඹ -බදුල්ල අතර සීග‍්‍රගාමී දුම්රිය තුනක් පැයක පමණ ප‍්‍රමාදයක් සිදුවන බවයි ප‍්‍රධාන පාලක මැදිරිය සදහන් කළේ. රාත‍්‍රී 8 පමණ වනවිට මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට පත්වනු ඇතැයි ද පාලක මැදිරිය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්