ඇමෙරිකාව පනවා ඇති සංක්‍රමණික තහනම හේතුවෙන් තම පුතු අවසන් වතාවට දැකගැනීමේ අවස්ථාව අහිමි වී ගිය යේමන මවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වයස අවුරුදු 2ක් වන අබ්දුල්ලා හසන් මොලයේ පවතින රෝගයක් හේතුවෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍යවරුන් සදහන් කරන්නේ මෙම දරුවා මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. එම දරුවා යන්ත්‍ර ආධාරයෙන් මේ වන විට ජීවත්වන අතර දරුවාගේ පියා පවසන්නේ සංක්‍රමණික තහනම හේතුවෙන් ඔහුගේ මවට ඇමෙකාවට පැමිණීමට හැකියාවක් නොමැති බවයි. මෙම පුවත වාර්තා වීමත් සමඟ ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනම නැවතවරක් දැඩි විවේචනයකට ලක්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…