fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පී.ඩී. සිරිසේන අනුස්මරණ පාපන්දු තරගයේ ජය කොළඹ ක්‍රීඩා සමාජයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 13:33

පී.ඩී. සිරිසේන අනුස්මරණ පාපන්දු තරගයේ ජය කොළඹ ක්‍රීඩා සමාජයට

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් පැවති පී.ඩී. සිරිසේන අනුස්මරණ පාපන්දු තරගය ජය ගැනීමට කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා.

කොළඹ කෙසෙල්වත්ත සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මෙරට ප්‍රමුඛ පාපන්දු ක්‍රීඩා සමාජයක්. මෙරට පාපන්දුවේ පියා ලෙස සැලකෙන පී ඩී සිරිසේන මහතා සෝන්ඩර්ස් පාපන්දු ක්‍රීඩා සමාජය මෙහෙයවනු ලැබුවා. ක්‍රීඩා සමාජයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් සුහද පාපන්දු තරගයක් සංවිධාන කර තිබුණා. ඒ කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම හා ජාවාලේන් පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම අතරයි. තරගය නිමවන තුරුම කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට සමත්වූයේ නැහැ. මේ අනුව දඩුවම් පහර මගින් ජයග්‍රාහනය තීරණය වුණා. එහිදී ගෝල හතරට දෙකක් ලෙස ජාවාලේන් කණ්ඩායම පරාජයට පත්කිරීමට කොළඹ පාපන්දු කණ්ඩායම සමත්වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 13:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්