අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන 01 වනදා තෙක් රිමාන්ඩ්
Related Articles
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්රධාන විධායක කසුන් පලිසේන යන අය ලබන 01 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
ඔවුන්ගේ ඇප ඉල්ලීම මීලග දින සලකා බැලීමටයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේ. ඔවුන්ගේ ඇප ඉල්ලීම මීට පෙරද ප්රතික්ෂේප කෙරුණා. සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන්ට ඇප දීමට තරම් සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ අනාවරණය නොවන බවයි මහේස්ත්රාත්වරිය ප්රකාශ කළේ.