fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුල්‍ය වංචාවක් කළ කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 12:02

මුල්‍ය වංචාවක් කළ කාන්තාවක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 51 ක් ලැබුණු කාන්තාවක් නවගමුවේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවගමුව ප්‍රදේශයේ කුලී කාමරයක  සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කනගරත්න සෙනිලා ඩිලානි ද සිල්වා නැමැති 46 හැවිරිදි කාන්තාවකයි. ඇය පුද්ගලයින් කැනඩාවට යවන බවට පවසමින් මුදල් වංචා කර තිබෙන්නේ. ඇය පදිංචිව සිටි කුලී කාමරය පරීක්ෂා කිරීමේදී  විදේශ ගමන් බලපත්‍ර 72 ක්, බැංකු පාස්පොත් 50 ක් , ඒටීඑම් කාඩ්පත්  50 ක් සොයාගෙන තිබෙනවා. එමෙන්ම රුපියල් ලක්ෂ 26 ක් වටිනා රත්‍රං ද සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 51 ලැබී  තිබෙන බවයි පොලීසිය සදහන් කළේ. මේ වන විට ඇය අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්