ඉන්දීයාවේ මුම්බායි නුවර පිහිටි රජයේ රෝහලක වීශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ජිවිතක්ෂයට පත්වූවන් අතර මාස 6ක් වයසැති කුඩා බිලිඳෙකු ද සිටින බව ඉන්දීය පොලීසීය සඳහන් කරනවා. සියයකට වැඩි පිරිසක් තුවාල ලැබුවා. රෝහලේ හතරවන මාලයේ ගිනි ගැනීම සිදුව තිබෙනවා. රෝහලේ සිට 140කට ආසන්න පිරිසක් බේරා ගැනීමට ගිනි නිවන අංශ කටයුතු කර තිබෙනවා. රෝහලේ සිටි අනෙකුත් නේවාසික රෝගීන් මුම්බායි හි පිහිටි රෝහල්වලට මාරු කර යැවීමට කටයුතු කෙරුණා. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.