fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසළ තේ කිලෝ 2725 ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 11:16

කසළ තේ කිලෝ 2725 ක් අත්අඩංගුවට

කසළ තේ කිලෝ දෙදහස් තුන්සිය විසිපහක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බැහැර කිරීමට නිර්දේශිත කසල තේ දේශීය වෙළෙදපොළ ඉලක්ක කර විෂ රසායනික ද්‍රව්‍ය යොදා හොද තේ කොළ ලෙස සකස් කිරීමට රැගෙන යමින් තිබියදී මෙම තේ තොගය අත්අඩංගුවට ගැනුණේ ගම්පොළ ප්‍රදේශයේදීයි. වෙලම්බොඩ පොලීසියයි වැටලීම සිදු කළේ. උඩුනුවර බූවැලිකඩ දෙසට ලොරි රථයකින් රැගෙන යමින් තිබියදීයි අත්අඩංගුවට ගැනුණේ. උඩුනුවර ප්‍රදේශය තුළ කසළ තේ නිෂ්පාදන ස්ථාන 2500 කට අධික සංඛ්‍යාවක් තිබෙන බව පොලීසිය පවසනවා. දේශීය මෙන්ම විදේශීය රටවල් ඉලක්ක කරගෙන හොද තේ ලෙස කසල තේ සකස් කිරීම සිදුකරන බවයි හෙළිව ඇත්තේ. කසල තේ වල කහට ගතිය නොමැති බැවින් ඊට අළුහුණු ආදී රසායනික ද්‍රව්‍ය යොදා තැම්බෙන්නට හැර හොද තේ ලෙස ඇසුරුම් කර අලෙවි කරන බව අදාල වැටලීම්වලදි හෙළිව ඇති බවද පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් කසල තේ තොගය තේ මණ්ඩල නිලධාරීන්ගේ පරීක්ෂණයට ලක් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්