fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 32 ක් පැරණි වාර්තාව ඇන්ජලෝ හා කුසල් අලුත් කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 11:14

වසර 32 ක් පැරණි වාර්තාව ඇන්ජලෝ හා කුසල් අලුත් කරයි

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හතරවන දිනය නිමා වන විට කඩුලු තුනක් දැවී ලකුණු 258 ක් ලබා ගැනීමට සමත් වුණා.

වෙලින්ටන් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට නවසීලන්තය තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 282 ක් පමණයි. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම ලකුණු 578 ක් ලබා ගත්තා. මේ අනුව දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුන මුළු ලකුණු 13 ක් ලෙස සටහන්ව තිබියදී දැවී ගියා.

අනතුරුව පිටියට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් තරගයේ තුන්වන දිනය නිමාවනතුරු කඩුල්ලේ නොදැවී රැදී සිටියා. තරගයේ හතරවන දිනය වූ අද (18) දිනය පුරා ද නොදැවී ක්‍රීඩා කරමින් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයකින් බේරා ගැනීමේ සටනට උර දුන්නා. මේ අනුව අද(18) දිනය නිමා වන විට ශ්‍රී ලංකාව දෙවන ඉනිමට කඩුලු තුනක් දැවී ලකුණු 258 ක් රැස්කරගෙන සිටිනවා. ඉනිමක පරාජයෙන් බේරීම සදහා ශ්‍රී ලංකාව තවත් ලකුණු 37 ක් ලබාගත යුතුයි.

හතරවන කඩුල්ල සදහා ඇන්ජලෝ හා කුසල්ගේ නොබෙදුනු ලකුණු 246 ක සබදතාවක් ගොඩනැගුවා. එය මෙරට පිතිකරුවන් දෙදෙනෙකු වසර 32 කට පසු එම කඩුල්ල සදහා වාර්තා කළ හොදම සබදතාවයි. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 116 ක් ලබා ගත්තා. සිය නව වන ටෙස්ට් ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 117 ක් ඉනිමට එක් කළා. මැතිව්ස් පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කර සිටියේ ශරීර යෝග්‍යතාව නොමැති බව පවසමින්. තරගයේ අවසන් දිනය හෙටයි(19).

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 11:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්