ලෙබනන් දේශසීමාවේ රහසිගතව ඉදිකර තිබූ උමං මාර්ග දෙකක් හමු වුණා. ඒ ජගත් සංවිධාන සාම සාධක බළකාය සිදුකළ විමර්ශනයකදී. 2006 වසරේ එම උමං ඉදිකරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ඊශ්රායලයට ඇතුල්වීම සඳහා ප්රවේශ මාර්ගයක් ලෙස එය උපයෝගී කරගෙන තිබෙනවා. තවත් උමං මාර්ග දෙකක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව සාම සාධක බළකාය ප්රකාශ කළා.