මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට සාගර කලාපීය මත්ස්‍ය කර්මාන්තයේ නිරතව සිටියදී ඔවුන් පැමිණි යාත්‍රාව කාර්මික ද්යෝෂයකට ලක්ව ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. අත්අඩංගුවට පත්ව සිටින්නේ ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. ඔවුන් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.