උතුරූ හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය පස් වන වරටත් රැස්වුණා.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කාර්ය සාධන බළකාය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවයි සමාලෝචනයට ලක්වුණේ. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සහ උතුරු සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු නියෝජිත පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.