බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ට නැවත වරක් විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රිතාන්‍යයේ විපක්ෂ නායක ජෙරමි කෝර්බින් ඒ සදහා මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන ඡන්දය ලබන වසරේ ජනවාරි 14 වනදා දක්වා කල් තැබීම හේතුවෙන් මෙලෙස ඇයට එරෙහිව විශ්වාසංභග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා සදහන් කරන්නේ. ඔහු සදහන් කරන්නේ අගමැතිවරිය එක්සත් රාජධානිය තුළ ජාතික අර්බුදයක් ඇති කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහන් කරන්නේ විශ්වාසභංග යෝජනාව සදහා තවදුරටත් කාලය වැය කිරීම පලක් නොවන බවයි.