fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ ගුවන් ප්‍රහාරවලින් සෝමාලියාවේ හැට දෙදෙනෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 09:05

ඇමෙරිකාවේ ගුවන් ප්‍රහාරවලින් සෝමාලියාවේ හැට දෙදෙනෙකු මිය යයි

ඇමෙරිකාවේ හමුදා අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සෝමාලියාවේ අල්ශබාබ්  ත්‍රස්ත සංවිධානයේ හැට දෙදෙනෙකු මිය ගොස් ඇති බව ඇමෙරිකාව පවසනවා.

ඇමෙරිකාව සෝමාලියාවට එල්ල කළ ගුවන් ප්‍රහාර 06 කින් අල් ශබාබ් ත්‍රස්වාදීන් මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සෙනසුරාදා දිනයේදී ඇමෙරිකාව ගුවන් ප්‍රහාර 04 ක් එල්ල කළ අතර ඉන්  අල් ශබාබ් ත්‍රස්වාදීන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම වසරේ එල්ල වූ දරුණුතම ගුවන් ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 2017 වසරේ සිට මේ දක්වා ඇමෙරිකාවේ ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් සෝමාලියා ත්‍රස්තයින් සිය දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධූරයට පත් වීමත් සමග මෙලෙස සෝමාලියාවට එල්ල වූ ගුවන් ප්‍රහාර සංඛ්‍යාව වැඩි ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 09:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්