fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජන බලය පරාජය කළ නොහැකි බව අග‍්‍රාමාත්‍යවරයා කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 18:05

ජන බලය පරාජය කළ නොහැකි බව අග‍්‍රාමාත්‍යවරයා කියයි

ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම දිනා ගැනීමට බල කෙරෙන මහා ජනතා රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වුණා. අතිවිශාල පිරිසක් ජන රැළියට එක්ව සිටියා.

යුක්තියේ සටන ලෙස නම්කර තිබූ ජනරැළියට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිස් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණියා. එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජන රැළියට පැමිණි අවස්ථාවේ එහි සිටි ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්.

ජන බලය පරාජය කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා. ජනතාවගේ ශක්තිය හේතුවෙන් සියලු අභියෝග ජය ගැනිමට හැකි වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරිමට ද එය ඉවහල් වු බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් රැසක් යුක්තියේ සටන ජනරැළිය ඇමතුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්