fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන අර්බුදය සාමකාමීව විසදීම ගැන යුරෝපා සංගමයේ සහ නෝර්වේ සතුට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 17:00

දේශපාලන අර්බුදය සාමකාමීව විසදීම ගැන යුරෝපා සංගමයේ සහ නෝර්වේ සතුට

ශ්‍රී ලංකාව තුළ ඇති වූ දේශපාලනික අර්බුදය සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසදා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුට පළකරන බව යුරෝපා සංගමය සහ නෝර්වේ තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකාවේ හිතවතුන් ලෙස තමන් මෙම තත්ත්වය සාදරයෙන් පිළිගන්නා බවයි ඔවුන් සදහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත්ව පැවතීම ද තමන් අගය කරන බව යුරෝපා සංගමය සහ නෝර්වේ තානාපති කාර්යාලය නිකුත්කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙනවා. ජාතික සංහිදියාව සහ සමෘද්ධිය ඇතිකර ගැනීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය දක්වන බවද එම නිවේදනයේ සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්