13 වන ආසියා කඹඇදීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ශ්රී ලංකාව සමත්වුණා. 03 වන දකුණු ආසියා කඹඇදීමේ තරගාවලියේ ශූරතාව ද දිනාගත්තේ ශ්රී ලංකාවයි.
කොළඹ ටොරින්ටන් ක්රීඩා පිටියේ පැවති තරගාවලියේ ආසියා කඹ ඇදීමේ තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා ශ්රී ලංකාව දිනා ගනිද්දී අනුශූරතාව හිමිවූයේ ඉන්දියාවටයි. දකුණු ආසියා කඹ ඇදීමේ තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා හා අනුශූරතා ද මෙම කණ්ඩායම් දෙක හිමිකර ගත්තා. බර පන්ති තුනක් හා මිශ්ර ඉසව්වක් යටතේ තරග පැවැත්වුණා. කෙසේ වෙතත් දකුණු ආසියා තරගාවලියේ පිරිමි කිලෝ ග්රෑම් 600 බර පන්තියේ ශූරතාව දිනා ගත්තේ පාකිස්ථානයයි. ජාතික කඹ ඇදීමේ සංගමය තරගාවලි සංවිධාන කළා.