රුසියාවේ රැප් සංගීතය පාලනයට ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං තීරණය කර තිබෙනවා. එය අපහසු වුවද ඉලක්කය සාර්ථක කරගැනීම සඳහා කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ. ඒ සඳහා එරට සංස්කෘතික අමාත්‍යාංශයට ද උපදෙස් ලබාදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මේ හේතුවෙන් එරට සංවිධාන කර තිබූ උත්සව රැසක් අවලංගුවී ඇති බවයි වාර්තා වන්නේ.